%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B1+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B8+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A
Wednesday, 07 November 2018 - 9:55
වෙනදා දකින ගාල්ලේ තීරුව මෙම තරඟයේදී දැක්කේ නැහැ - ඩිල්රුවන්
3

Shares
384

Views
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වෙනදාට දක්නට ලැබෙන තණතීරුවට වඩා බෙහෙවින් වෙනස් වූ තණතීරුවක් මෙම ටෙස්ට් තරඟයට ලැබී ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා පවසනවා.

තරඟයේ පළමු දිනයෙන් පසු පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඩිල්රුවන් මේ බව පවසා සිටියා.

"අපි වෙනදා දකින තණතීරුව වගේ නෙමෙයි මේ තණතීරුව. මොකද අපි බලාපොරොත්තු වුණාට වැඩිය වෙනස් තණතීරුවක් තමයි ලැබිලා තියෙන්නෙ. මම හිතන්නෙ දවස් දෙකක් වැස්ස නිසා තණතීරුව වහලා තිබුන නිසා එහෙම වෙන්න ඇති. පළමු ඕවර 35න් පස්සෙ තණතීරුව ගොඩක් මන්දගාමී වුණා. අලුත් පන්දුවෙන් දඟ කැවුනට පස්සෙ දඟ කැවීමත් අඩුවුණා."
 
"මම හිතන්නෙ නැහැ ඉදිරි දවස් දෙක තුනෙත් තණතීරුව ලොකු වෙනසක් වෙයි කියලා. ඒ නිසා කොහොමත් අපිටත් මේ තණතීරුව හොඳ වේවි පිතිකරණයේ යෙදෙන්න. එංගලන්ත පිතිකරුවන් මුල ඉදලම වේගයෙන් ලකුණු ගන්න බව අපි දැනගෙන තමයි හිටියේ. කාසියේ වාසිය දිනලා අපි ගැහුව්වත් ඔය දේම තමයි කරන්නෙ." යනුවෙන් ඩිල්රුවන් එම මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දක්වා සිටියා.

ඩිල්රුවන් ඊයේ දිනයේදී එංගලන්ත පළමු ඉනිමේ කඩුලු 04ක් බිඳ හෙලීමට සමත් වූණා.

තරඟයේ පළමු දිනය අවසන් වනවිට පළමු ඉනිම වෙනුවෙන් එංගලන්ත පිළ කඩුලු 08ක් දැවී ලකුණු 321ක් රැස්කරගෙන සිටියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE