342%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Wednesday, 07 November 2018 - 10:39
342කට එංගලන්ත පළමු ඉනිම සීමා වෙයි
109

Views
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 342ක් රැස් කළා.

බෙන් ෆෝක්ස් ලකුණු 107ක් රැස් කරමින් එංගලන්තය ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේදී ඩිල්රුවන් පෙරේරා කඩුලු 05ක් බිඳ දැමුවේ පන්දුවාර 31 යවා ලකුණු 75ක් ලබාදෙමින්.

වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් එංගලන්ත පළමු ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරඟයේ දෙවන දිනය අදයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE