%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+433+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
Thursday, 08 November 2018 - 17:08
රංගන 433 න් නවතී
2

Shares
246

Views
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වන අද, තරගය නතර කරන විට ලකුණු 462 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 15 ක් ලබා සිටියා.

එංගලන්ත කණ්ඩායම අද සිය දෙවන ඉනිම අත්හිටුවූයේ කඩුලූ 6 කට ලකුණු 322 ක් ලබා සිටියදීයි.

එංගලන්ත දෙවන ඉනිම වෙනුවෙන් කෙන්ට් ජෙනින්ස් නොදැවී ලකුණු 146 ක් රැස් කළා.

එංගලන්තය පළමු ඉනිමේදී ලකුණු 342 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 203 කට සීමා වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සදහා තවත් ලකුණු 447 ක් ලබා ගත යුතුයි.

මෙම තරගයෙන් පසු ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා රංගන හේරත් ඉනිම දෙකෙහි දී කඩුලූ 3 ක් බිද හෙලූ අතර ඒ අනුව ඔහු ටෙස්ට් දිවිය අවසන් කරන්නේ ටෙස්ට් කඩුලූ 433 ක් ලබා ගනිමින්.

දැනට ටෙස්ට් කඩුලූ 800 ක් ලබා ලොව පෙරමුණේ පසුවන්නේ හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් වන අතර රංගන හේරත් ටෙස්ට් දිවිය අවසන් කරන්නේ වැඩිම ටෙස්ට් කඩුලූ ලාභීන් අතර, ලොව 8 වැනියා ලෙසයි. ඔහු තරග 93 කදී මෙම දක්ෂතාව දක්වා තිබීමද විශේෂත්වයක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE