%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+211+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 09 November 2018 - 16:36
එංගලන්තයට ලකුණු 211 ක ජයක්
1

Shares
183

Views
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 211 ක ජයක් ලබාගැනීමට එංගලන්තය සමත්වුනා.

දෙවන ඉනිමේදී ශ්‍රී ලංකාවට හිමිවු ඉලක්කය ලකුණු 462 ක්.

කෙසේවෙතත් ඔවුන්ට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 250 ක් පමණයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 342 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී 203 යි.

දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 322 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.

ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 45 ක් සහ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 53 ක් ලබාගත්තා.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන බදාදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE