%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
Thursday, 06 December 2018 - 8:53
ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ නිලවරණය
2

Shares
347

Views
ක්‍රිකට්වලට ආදරය කරන බොහෝදෙනෙකුගේ අවධානයෙන් ගිලිහිණු නමුත් ක්‍රිකට් වෙනුවෙන් බොහෝ කැපකිරීම් සිදුකරන විශේෂ කණ්ඩායමක් ගැන මේ වනවිට අවධානය යොමුව තිබෙනවා.

ක්‍රීඩාවේ ජීවගුණය මෙන්ම එයට අගයක් එක්කරන සුවිශේෂ මෙහෙයක් සිදුකරන ඔවුන් ලකුණු සටහන්කරුවන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ නිලවරණය පසුගියදා කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වුනා.

එහිදී ප්‍රවීණ නිල ලකුණු සටහන්කරුවෙකු වන අශෝක චන්ද්‍රසේකර මහතා එම සංගමයේ සම උප සභාපති ධුරයට පත්වීම විශේෂත්වයක්.

ඒ මහතා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ ආරම්භක ලේකම්වරයා ද වනවා.

එම සංගමයේ සභාපති ධුරයට පත්වූයේ සංජය ජයසිංහ මහතායි.

මේ අතර ජගත් ප්‍රේමචන්ද්‍ර මහතා ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ නව ලේකම්වරයා ලෙසින් පත්වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලයේ සම උප සභාපති ධුරයට සමන් අමරකෝන් මහතා පත්වූ අතර උප ලේකම් ලෙස ප්‍රියාන්ද සිල්වා මහතාද, භාණ්ඩාගාරික ලෙස අසේල සඳරුවන් මහතාද පත්කෙරුනා.

එහිදී එම සංගමයේ සම උප භාණ්ඩාගාරික ලෙස චාමර පෙරේරා සහ කෙවින් ජෑන්ස් පත්කෙරුනා.

තරඟ පැවරුම් ලේකම් ලෙස දිමුතු අසංක, සහය තරඟ පැවරුම් සම ලේකම්වරුන් ලෙස හේමන්ත ආරියවික්‍රම සහ රංග සමන්ත පත්කෙරුනා.

එම සංගමයේ ප්‍රධාන සංවිධායක ලෙස සතාසිවම් රවීන්ද්‍රන් පත්කෙරුණු අතර කමිටු සාමාජිකයන් ලෙස ජනක පෙරේරා තාරක සඳරුවන් සහ දිනේෂ් කුමාර පත්කෙරුනා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE