ලසිත් සහ මැතිව්ස්ගේ ලන්සුව කෝටි දෙකක්

Wednesday, 12 December 2018 - 19:01

%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉන්දීය රුපියල් කෝටි දෙකක අවම ලන්සු මුදලක් ප්‍රකාශයට පත් කළ ක්‍රීඩකයන් අතර, ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ද සිටින බව ඉන්දීය වාර්තා ප්‍රකාශ කළා. ක්‍රීඩකයන් 9 දෙනෙකු එම ලැයිස්තුවට ඇතුළත්ව සිටිනවා.

ඒ අතර කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකු නොසිටීමද විශේෂත්වයක්.

බෙන්ඩම් මැකලම්, ක්‍රිස් වෝක්ස්, ෂෝන් මාස්, කොලින් ඉංග්‍රම්, කොරේ ඇන්ඩර්සන්, සෑම් කරන් සහ ඩාසි ෂෝට් කෝටි දෙකක අවම ලන්සුවක් ප්‍රකාශයට පත් කළ අනෙකුත් ක්‍රීඩකයන්.  

මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වන 346 දෙනෙකුගෙන් 226 දෙනෙකුම ඉන්දීය ක්‍රීඩකයන් බවද අදාළ වාර්තාවල දැක්වුණා.