%E0%B7%82%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
Thursday, 13 December 2018 - 12:45
ෂර්මා සහ අශ්වින් නැහැ
1

Shares
237

Views
ඕස්ට්‍රේලියාව සමඟ පර්ත් හිදී හෙට ආරම්භවීමට නියමිත දෙවන ටෙස්ට් තරගය සඳහා ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා සහ රවිචන්ද්‍රන් අශ්වින් සහභාගි නොවන බව වාර්තා වනවා.

රෝහිත් ෂර්මා පළමු ටෙස්ට් තරගයේදී පිටකොන්දේ ආබාධයකට ලක්වීම සහ රවිචන්ද්‍රන් අශ්වින් උදරයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔවුන් විවේක ගැන්වීමට කටයුතු කළ බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේ.  

තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ඇඩිලේඞ් හි පැවති පළමු තරගය ඉන්දියාව ලකුණු 31 කින් ජයගත්තා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE