ශ්‍රී ලංකාව 275/9

Saturday, 15 December 2018 - 13:01

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+275%2F9
නවසීලන්තය සමඟ වෙලින්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිළ අද දිනය නිමාවේ කඩුලූ 9ක් දැවී ලකුණු 275ක් ලබා සිටියා.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ශ්‍රී ලංකා පිළට ආරාධනා කළ අතර, කඩුලූ 3ක්ම ලකුණු 9කට දැවී යාම විශේෂත්වයක්.

එහෙත් දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් 4 වන කඩුල්ල සඳහා ලකුණු 133ක් රැස් කර ගනිමින් ලකුණු තත්ත්වය ඉහළ නැංවීමට සමත් වුණා.

මැතිව්ස් ලකුණු 83කට දැවී ගිය අතර, දිමුත් කරුණාරත්න ලකුණු 79ක් ලබා ගත්තා.

නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 73ක් ලබා සිටියා. ටිම් සවුදි ලකුණු 67කට කඩුලූ 5ක් බිද හෙලීමට සමත් වුණා.