වසරකට පසු මැතිව්ස්ගේ පිත්තෙන් ටෙස්ට් ශතකයක්

Tuesday, 18 December 2018 - 10:02

%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නවසීලන්තයට එරෙහිව වෙලින්ටන් හිදී පැවැත්වෙන ටෙස්ට් තරඟයේදී ඇන්ජලෝ මැතිව්ස්  සිය 09 වන ටෙස්ට් ශතකය මීට සුළු මොහොතකට පෙර වාර්තා කළා.

පන්දු 249ක දී වාර්තා කළ ඔහුගේ ශතකයට හතරේ පහර 11ක් ඇතුළත්.

ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව මැතිව්ස්, තම ශාරීරික යෝග්‍යතාවය තවමත් ඉතා ඉහළ මට්ටමක පවතින බවට සියල්ලන්ට මතක්කර දෙමින් පිටිය මැද දී ඩිප්ස් (Push-ups) කිහිපයක් ගසනු ලැබුවා.

පසුගිය ක්‍රිකට් තේරීම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරනු ලැබුවා.

ඇන්ජලෝ මැතිව්ස් මිට පෙර අවසන් වරට ජාත්‍යන්තර ටෙස්ට් තරඟයකදී ශතකයක් රැස්කර තිබුනේ 2017 වසරේ දෙසැම්බර් මාසයේ ඉන්දියාව සමඟ දිල්ලි හිදී පැවති ටෙස්ට් තරඟයේදීයි.

නවසීලන්ත කණ්ඩායම සමඟ වෙලින්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ 04 වන දිනය අදයි.

අද දිනයේදී ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් ද සිය 06වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 282 ක් පමණයි.

නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 578ක් රැස් කළා.