වසර 10කට පසු ටෙස්ට් පිටියේ තැබූ අමතක නොවන මතක සටහනක් සමඟින් සිව්වන දිනය අවසන්

Tuesday, 18 December 2018 - 11:00

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+10%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
නවසීලන්ත කණ්ඩායම සමඟ වෙලින්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය නිමා වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් අතැතිව නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 37ක් පිටුපසින් සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 03ක් දැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 259ක්.

තරඟයේ සිවන දිනය වූ අද දිනට තරඟය අරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 20ක් ලබාගෙන සිටියා.

ඇන්ජලෝ මැතිව්ස්  සහ කුසල් මෙන්ඩිස් සාර්ථක පිතිකරණයක නිරතවෙමින් අද දිනය තුලදී ශ්‍රී ලංකා දෙවන ඉනිමට තවත් ලකුණු 239ක් එක් කළා.

අද දිනය තුලදී නවසීලන්ත පන්දු යවන්නන්ට ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කිසිඳු කඩුල්ලක් බිඳ දැමීමට හැකියාව ලැබුනේ නැහැ.

ජාත්‍යන්තර ටෙස්ට් තරඟයක, දිනයකදී දිනයට අදාළ සියළුම පන්දුවාර ක්‍රියාත්මක කර ප්‍රතිවාදි කණ්ඩායමට කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වුණේ වසර දහයකට පසුවයි.

ඇන්ජලෝ මැතිව්ස් සිය 09 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය රැස්කිරීමට අද සමත් වූ අතර කුසල් මෙන්ඩිස් සිය 06 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කළා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 117ක් රැස්කරගෙන සිටින අතර කුසල් මෙන්ඩිස් රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 116ක්.

ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 282ක් රැස්කළ අතර නවසීලන්තය සිය පළමු ඉනිම සඳහා සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 578ක් රැස් කළා.

තරඟයේ පස්වන සහ අවසන් දිනය හෙටයි.