මාලිංග IPL වෙන්දේසියේදී කෝටි 4කට වැඩි මුදලකට අලෙවි වෙයි

Tuesday, 18 December 2018 - 16:49

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+IPL+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+4%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව ක්‍රීඩක වෙන්දේසිය දැන් පැවැත්වෙනවා.

ඒ ජායිපූර්හිදීයි.

මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය රුපියල් ලක්ෂ 200 කට වෙන්දේසි කෙරුනා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4.5කට අධිකයි.

ඔහු මිලදී ගනු ලැබුවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසිනුයි.

ලසිත් මාලිංග මෙවර වෙන්දේසියට ඉදිරිපත් කර තිබුනේ ඉන්දීය රුපියල් කෝටි දෙකකට වන අතර ඊට කිසිවෙකුත් ලන්සු ඉදිරිපත් කිරීමක් සිදු කළේ නැහැ.

පසුගිය වසරේ IPL වෙන්දේසියේදී මාලිංග අලෙවි නොවූ අතර ඔහු සැලකෙන්නේ IPL තරඟ බිමේ වැඩිම කඩුලු ලාභියා ලෙසයි.

ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් සාමි ඉන්දීය රුපියල් කෝටි 4.8 කට වෙන්දේසි වුනා.

ඔහු මිලදී ගනු ලැබුවේ කින්ග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායමයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියේදී මේවන විට වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා ලෙසට ජාදෙව් උනාද්කත් සැලකෙනවා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඔහු මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 8.40 කටයි.

එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 21 කට අධික මුදලක්.  

පසුගිය වසරේදී ද වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ ඔහුයි.

එම වෙන්දේසියේදී ඔහු අලෙවි වු මුදල  ඉන්දීය රුපියල් කෝටි 11.5 ක්.