හෙට තරඟයේ දී කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක්

Monday, 07 January 2019 - 13:00

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9A%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රි ලංකාව  සහ නවසීලන්තය අතර තුන්වන සහ අවසන් එක්දින තරඟය නෙල්සන් හිදී හෙට (08) පැවැත්වෙනවා.

තරඟාවලියේ පැවති පළමු තරඟ දෙක ජයගත් නවසීලන්තය මේ වනවිටත් තරඟාවලියේ ශූරතාව හිමිකරගෙන අවසන්.

හෙට තරඟයේදී කණ්ඩායම් දෙකෙහිම වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවයි නවසීලන්තයෙන් වාර්තා වන්නේ.
 
ඒ අනුව හෙට තරඟයේදී තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන දසුන් ශානක ශ්‍රි ලංකා කණ්ඩායමට එක්කර ගනු ඇති බවයි විශ්වාස කරන්නේ.

ඒ අසේල ගුණරත්න වෙනුවටයි.

දඟ පන්දු යවන ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක්වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

මේ අතර හෙට තරඟය කුසල් මෙන්ඩිස්ට ද ලකුණු අතරට පැමිණිය යුතු වැදගත් තරඟයක් බවයි විචාරකයින් පවසන්නේ.

ඒ කුසල් මෙන්ඩිස් මාස 18ක් තුල එක්දින පිටියේ දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීම හේතුවෙන්.

මේ අතර නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන් බෝල්ට් හෙට තරඟයේදී විවේක ගන්වා ඇති බව වාර්තා වනවා.

ඔහු වෙනුවට ඩග් බ්රෙස්වල් නවසීලන්ත කණ්ඩායමට කැඳවීමට තීරණයකර ඇති බව සඳහන්.

හෙට තරඟයේදී ටීම් සවුති හෝ මැට් හෙන්ඩ්රි වෙනුවට ලුකී ෆර්ගසන් නවසීලන්ත කණ්ඩායමට කැඳවනු ඇති.