එංගලන්තය එක්දින ශ්‍රේණිගතකිරීම් අතර පෙරමුණට

Sunday, 13 January 2019 - 12:54

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%A7
අයි.සී.සී. එක්දින ශ්‍රේණි ගතකිරීම් අනුව එංගලන්ත කණ්ඩායම පෙරමුණට පැමිණ තිබෙනවා.

ඊයේ ප්‍රකාශයට පත්වූ එම ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාවට දෙවන තැන හිමිව ඇති අතර, නවසිලන්තය පසුවන්නේ තුන්වන ස්ථානයේයි.

දකුණු අප්‍රිකාව හතරවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. පාකිස්ථානය,  ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය පිළිවෙලින් පස්වන සහ හයවන ස්ථානවලට පත්ව ඇති අතර, ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගතකිරීම්වල තවත් ස්ථානයක් පහත වැටී තිබෙනවා.

ඒ අනුව දැන් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එක්දින කණ්ඩායම් දර්ශකයේ 8 වන ස්ථානයයි.

යාවත්කාලීන කර ඇති විස්සයි විස්ස ශ්‍රේණි ගතකිරීම්වලට අනුව පාකිස්ථානය පළමු තැන හිමිකරගෙන ඇති අතර, ඉන්දියාවට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි. ශ්‍රී ලංකාව විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්වල 9 වන ස්ථානයට නම් කර ඇත්තේ ඇෆ්ගනිස්ථානයට පහළින්.

මේ අතර ටෙස්ට් තරග දෙකක සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මේ වනවිට  ඕස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා. ඔවුන් බ්‍රහස්පතින්දා සිට  ඕස්ට්‍රේලියානු පාලක මණ්ඩලයේ පිල සමඟ හොබාට් හිදී තුන්දින පුහුණු තරගයකට සහභාගිවන අතර, පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරගය බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී ජනවාරි 24 වනදා ආරම්භවීමට නියමිතයි.