කෝලි 11 වැන්නා වෙයි

Wednesday, 16 January 2019 - 9:30

%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+11+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති දෙවන එක්දින තරඟය කඩුලු 06කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණේ තරඟ 03කින් සමන්විත තරඟාවලිය තරඟ එකට එකක් ලෙස සමකරමින්.

මෙම තරඟයේදී ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි වාර්තා පොත් අලුත් කිරීමට සමත් වීමද විශේෂත්වයක්.

විරාත් කෝලි වාර්තා පොත් අලුත් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු  ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පසුකර යමින් එක්දින පිටියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් අතර 11 වැන්නා බවට පත්වෙමින්.

තිලකරත්න ඩිල්ෂාන් එම සටහනේ 12 වැනි තැනට ඇද දමමින් 11 වැන්නා බවට පත්වූ විරාත් කෝලි මේ වනවිට එක්දින තරඟ 218 කට ක්‍රීඩාකර ලකුණු 10339 ක් රැස් කරගෙන සිටිනවා.

මේ අතර ඕස්ට්‍රේලියාව සමඟ ඊයේ පැවති තරඟයේදී කෝලි ලකුණු 104ක් රැස් කරමින් සිය 39 වන එක්දින ශතකය වාර්තා කළා.