පැතුම් නිශ්ශංකගෙන් ද්විත්ව ශතකයක්

Wednesday, 16 January 2019 - 20:16

%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%81%E0%B6%82%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අයර්ලන්ත සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර සූරියවැව ක්‍රීඩාංගණයේ පැවති දෙවන නිල නොවන ටෙස්ට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

අයර්ලන්තය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 508 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 303 කට සීමාවුණා.

යළි ශ්‍රී ලංකාව දෙවන ඉනිම ඇරඹූ අතර, එහිදී ඔවුන් ඉනිම අත්හිටවනු ලැබුවේ කඩුලූ 7කට ලකුණු 468 ක් ලබා සිටියදියි.

පැතුම් නිශ්ශංක, ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 217 ක් රැස් කළ අතර, චාමික කරුණාරත්න නොදැවී ශතකයක් වාර්තා කළා.

අද තරගය අවසන් වනවිට අයර්ලන්ත ඒ කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 89 ක් ලබා සිටියා.