තිසරගේ දැවැන්ත හය අවසන් මොහොතේ කොමිලා කණ්ඩායමට ජය ගෙන ආ හැටි

Saturday, 19 January 2019 - 10:15

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8F++%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුවට තිසර පෙරේරා එල්ල කළ දැවැන්ත හයේ පහරත් සමඟ බංග්ලාදේශ ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් ජය ගන්නට කොමිලා
වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් වුණා.

කුල්නා ටයිටන්ස් කණ්ඩායම සමඟ පැවති මෙම තරඟය තියුණු තරඟයකින් අනතුරුව කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම ජය ගත්තේ කඩුලු 03කින්.

මෙම තරඟයේදී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කුල්නා ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් කුල්නා ටයිටන්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 තුල කඩුලු 07කට ලකුණු 181ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ජුනෙයිඩ් සිදික් ලකුණු 70ක් සහ අල් අමීන් ලකුණු 32ක් රැස් කරමින් කුල්නා ඉනිම ගොඩ නැගුවා.

ලකුණු 182ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 115ක්.

එම සම්බන්ධතාවය බිඳ දමමින් කොමිලා වික්ටෝරියන්ස් පළමු කඩුල්ල ලෙස ලකුණු 73ක් ලබාගෙන සිටි තමීම් ඉක්බාල් දවා ගන්නට ලසිත් මාලිංග සමත් වුණා.

ජයග්‍රාහී බලාපොරොත්තුව කුල්නා ටයිටන්ස් දෙසට දෝලනය වෙමින් කොමිලා වික්ටෝරියන්ස් මැදපෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී  06 වන කඩුල්ල ලෙස පිටියට පිවිසි තිසර පෙරේරා වේගවත් ලකුණු 18ක් රැස් කරමින් අවසන් මොහොතේ කොමිලා වික්ටෝරියන්ස් පිළට ජය ගෙන ආවා.

පන්දු 07කට මුහුණ දී තිසර රැස්කළ ලකුණු 18ට හතරේ පහර 02ක් සහ එක් හයේ පහරක් ඇතුළත්.

මෙම තරඟයේ විශේෂ අවස්ථා පහතින්.