අයර්ලන්ත \'ඒ\' පිල පරදා ශ්‍රී ලංකා \'ඒ\' පිලට දැවැන්ත ජයක්

Tuesday, 22 January 2019 - 7:11

%E0%B6%85%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%5C%27%E0%B6%92%5C%27+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%5C%27%E0%B6%92%5C%27+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ අයර්ලන්ත ඒ කණ්ඩායම අතර ඊයේ (21) පැවති දෙවන එක්දින තරඟයෙන්  දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම මෙම තරඟය ජයගත්තේ ලකුණු 175කින්.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 05ක් දැවී ලකුණු 337ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායක උපුල් තරංග ලකුණු 103ක් රැස් කළ අතර ඇන්ජලෝ පෙරේරා ලකුණු 72ක් රැස් කළා.

ලකුණු 338ක ඉලක්කයක් හඹා ගිය  අයර්ලන්ත ඒ කණ්ඩායමට පන්දුවාර 35යි පන්දු 05ක් තුල සියල්ලන් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 162ක් පමණයි.

පිත්තෙන් අසාර්ථක වුවත් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූ මිලින්ද සිරිවර්ධන පන්දුවාර 4යි පන්දු 05ක් තුල ලකුණු 26කට අයර්ලන්ත කඩුලු 04ක් බිඳ දැමුවා.    

තරඟය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත් වුණු අත‍ර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟ දෙකම ජයගන්නට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම මේ වනවිට සමත්ව සිටිනවා.

\"\" \"\"