BPL පිටියේ තිසරගේ පිත්ත යළි ක්‍රියාත්මක වෙයි, කඩුලු 03ක් බිඳ දැමූ තිසර වික්ටෝරියන්ස් පිලට ජය ගෙන එයි

Wednesday, 23 January 2019 - 9:23

BPL+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+03%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
තිසර පෙරේරාගේ සුපිරි පිතිකරණය සහ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ ප්‍රිමිය ලීග් විස්සයි විස්ස තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් ජයගන්නට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ ඊයේ තරඟයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ඩකා ඩයිනමයිට් කණ්ඩායම ලකුණු 07කින් පරාජයට පත් කරමින්.

තරඟයේ කාසිය වාසිය දිනූ ඩකා ඩයිනමයිට් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 08කට ලකුණු 153ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී වික්ටෝරියන්ස් පිල වෙනුවෙන් ෂම්සුර් රෙහේමාන් ලකුණු 48ක් රැස් කළ අතර ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් ලකුණු 34ක් රැස් කළා.

සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසි තිසර පෙරේරා පන්දු 12කදී වේගවත් ලකුණු 26ක් රැස් කළේ දැවැන්ත හයේ පහරවල් 03ක් සමඟින්.

ලකුණු 154ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඩකා ඩයිනමයිට් පිලට සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 09ක් දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 146ක් පමණයි.

ඩකා ඩයිනමයිට් පිලේ සාර්ථක වූ එකම පිතිකරුවා වුයේ ඇන්ඩ්රේ රසල්.

ඔහු පන්දු 24කදී වේගවත් ලකුණු 46ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රාහණය කරා රැගෙන යාමට උත්සහයක යෙදුනු අවස්ථාවේ පන්දුව අතට ගත් තිසර පෙරේරා ඔහුගේ කඩුල්ල දවා ගනිමින් ඩකා ඩයිනමයිට් ජයග්‍රහණය අඩාල කිරීමට සමත් වුණා.

ඉන් අනතුරුව ඩකා ඩයිනමයිට් ඉනිමේ 17 වන පන්දුවාරයේ දී යළිත් වරක් ක්‍රියාත්මක වූ තිසර පෙරේරා එම පන්දුවාරයේදී ලකුණු 05ක් පමණක් ලබාදෙමින් ඩකා පිලේ කඩුලු 02ක් බිඳ දැමුවා.

තරඟයේ තීරණාත්මකම පන්දුවාරයක් වූ 19 වන පන්දුවාරයේදී ඔහු ලබා දුන්නේ එක් ලකුණක් පමණක් වීමද විශේෂත්වයක්.

තිසර පෙරේරා පන්දුවාර 03ක් යවමින් ලකුණු 14ට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා.

තරඟයේ පිත්තෙන් සහ පන්දුවෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් තරඟයේ වීරයා බවට පත්වුණේ තිසර පෙරේරායි.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.