පළමු එක්දින තරඟයෙන් ඉන්දියාවට දැවැන්ත ජයක්

Wednesday, 23 January 2019 - 16:19

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නවසීලන්ත කණ්ඩායම සමඟපැවැති පළමු එක්දින තරඟයෙන් ඉන්දියාව කඩුලු 8ක ජයක් අද වාර්තා කරා.

නවසීලන්තයේ නේපියර් හිදියි තරඟය පැවැත්වුණේ.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුව තීරණය කළේ පන්දුවට පහර දීමටයි.

ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 156ක් ලබා ගත්තා.

කෙසේ වෙතත් නවසිලන්ත ඉනිමේ කිසිඳු පිතිකරුවෙක් අද දිනයේ සාර්ථක නොවූ අතර එම ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරු වුයේ කණ්ඩායමේ නායක කෙන් විලියම්සන් පමණි.

ඔහු එහිදී ලකුණු 64ක් ලබා ගත්තා.

ඉන්දීය පිල වෙනුවෙන් කුල්දිප් යාදෙව් කඩුලු 4ක් බිඳ හෙලු අතර මොහොමඩ් ශාමි කඩුලු 3ක් බිඳ හෙලුවා.

ලකුණු 157ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ඉන්දීය පිල වෙනුවෙන් ආරම්භ පිතිකරු ශිකර් ධවන් නොදැවී ලකුණු 75ක් ලබා ගත්තා.

තරඟයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත් වුණේ මොහොමඩ් ශාමි.