%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
Saturday, 02 February 2019 - 8:08
ආසියානු පාපන්දු කුසලානය කටාරයට
10

Shares
1,241

Views
2022 වසරේ පාපන්දු ලෝක කුසලාන සත්කාරක රට වන කටාරය ප්‍රථම වරට ආසියානු පාපන්දු කුසලානය ජයග්‍රහණය කිරීමට ඊයේ සමත් වුණා.

අබුඩාබි හිදී පැවති අවසන් තරඟයේදී ඔවුන් තුනට එකක් ලෙස පරාජයට පත් කළේ සිව් වරක් ආසියානු ශූරයන් වූ ජපානයයි.

සුඩානයේ ඉපදී කටාරය නියෝජනය කරන අලි ඩේ, තරගාවලියේ දී ගෝල 9ක් ලබා ගත්තේ නව වාර්තාවක් පිහිටුවමින්.

කටාරයට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික සම්බාධක ක්‍රියාත්මක කරන සෞදි අරාබිය ගෝල දෙකට බින්දුවක් ලෙසත්, එක්සත් අරාබි එමීරය ගෝල 4ට බින්දුවක් ලෙසත්, අර්ධ අවසන් සහ අවසන් පූර්ව තරඟවලදී පරාජය කිරීමට කටාර පාපන්දු කණ්ඩායම සමත් වුණා.

අවසන් පූර්ව තරඟයේදී කටාර ක්‍රීඩකයන්ට එමීරයේ ආධාරකරුවන්ගෙන් බෝතල් සහ සපත්තු ප්‍රහාර පවා එල්ල වූ අතර, සම්බාධක නිසා කටාර ක්‍රීඩාලෝලීන් අබුඩාබියට යාම සඳහා පැයක් ගත වන ගුවන් ගමනට පැය 5ක පමණ කාලයක් ගත කළේ ඒ සඳහා කුවේටය හරහා යාමට සිදුවීමෙන්.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE