%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+7%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Tuesday, 12 February 2019 - 7:56
දකුණු අප්‍රිකානු කාන්තා පිළට ලකුණු 7ක ජයක්
19

Shares
2,368

Views
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ සමඟ පැවති පළමු එක්දින ජාත්‍යන්තර තරඟයෙන් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිළ, ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කළා.

අයි.සී.සී. කාන්තා ශූරතා තරගාවලියට අදාළව පෝචෙස්ට්‍රෝම් හිදී ඊයේ පැවති එම තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දු වාර 48ක් තුළ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 225ක්.  

ඕෂධී රණසිංහ එහිදී ලකුණු 40කට කඩුළු 3ක් බිද හෙළුවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළට පන්දු වාර 48ක් තුළ කඩුළු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 218ක් පමණයි.

එහිදී ශෂිකලා සිරිවර්ධන ලකුණු 49ක්ද, ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 47ක් ද ලබා ගත් අතර, නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 39ක් ලබා ගත්තා.

 

 
 


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE