%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B7%84%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 14 February 2019 - 12:15
ප්‍රතිවාදී නායකයාගෙන් කොල්ලන්ට කැමති දැයි අහපු වේග පන්දු යවන්නාට අමතක නොවන දඬුවමක්
6

Shares
820

Views
බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩකයෙකුට තරඟ තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

මෙලෙස තරඟ 4 ක තහනමකට ලක්ව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ෂැනොන් ගැබ්‍රියල් හටයි.

ඔහුට මෙලෙස තරඟ තහනමක් පනවා ඇත්තේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟය අතර සිදුවූ වචන හුවමාරුවක් හේතුවෙන්.

දෙරට අතර පසුගියදා පැවති තුන්වන ටෙස්ට් තරඟය අතරතුර එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටියදීයි මෙම සිදුවීම වී ඇත්තේ.

එහිදී සිදුවූ වචන හුවමාරුව අතරතුරදී ෂැනොන් විසින් එංගලන්ත නායක ජෝ රූට් ගෙන් අසා ඇත්තේ "කොල්ලන්ට කැමති දැයි" (Why are you smiling at me? Do you like boys?') යන්නයි.

ඒ අනුව ක්‍රිකට් පිටිය තුළ විනය කඩකිරීමේ චෝදනා යටතේ මෙලෙස ඔහුට තරඟ තහනමක් පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE