%E0%B6%9C%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%8A+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B6%9A%E0%B7%9A.+%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%83%E0%B7%9A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Saturday, 16 February 2019 - 13:27
ගොල්ෆ් ඉතිහාසය නැවත ලියූ කේ. නන්දසේන පෙරේරා සමුගනී
108

Views
මෙරට ගොල්ෆ් ක්‍රීඩාවේ ඉතිහාසය නැවත ලියූ ප්‍රවීන ගොල්ෆ් ක්‍රීඩක කේ. නන්දසේන පෙරේරා වයස අවුරුදු 64 ක්ව සිටියදී ඊයේ (15) අභාවප්‍රාප්ත වුණා.

වකුගඩු ආබාධයකට ලක්ව මියගිය ප්‍රවීන ක්‍රිඩකයාගේ අවසන් කටයුතු ඊයේ දිනයේදීම බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදු කෙරුණේ මියයාමට පෙර ඔහු සිදුකළ ඉල්ලීමකට අනුවයි.

මෙරට ජාතික ගොල්ෆ් ශූරතාව හත්වතාවක් දිනූ නන්දසේන පෙරේරා සමස්ත ඉන්දීය ගොල්ෆ් ශූරතාව මෙන්ම පාකිස්ථාන, තායිලන්ත, සිංගප්පූරු සහ මැලේසියානු ගොල්ෆ් ශූරතාවන් ජයග්‍රහණය කර තිබෙනවා.

ඔහුගේ විශිෂ්ටතම දස්කම වන්නේ 1990 වසරේ බීජිං ආසියානු ක්‍රීඩා උළෙලේ ගොල්ෆ් ක්‍රීඩාව සඳහා වන රිදී පදක්කම ජයග්‍රහණය කිරීමයි.

 
    


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE