ෆාබ්‍රේස් සිය ධුරයෙන් ඉවත් වීමට සැරසේ

Sunday, 17 February 2019 - 15:46

%E0%B7%86%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකාර ධුරයේ කටයුතු කරන පොල් ෆාබ්‍රේස් එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය සඳහන් කරන්නේ  එංගලන්ත කණ්ඩයමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් පසු ඔහු මෙම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.

එංගලන්ත - වොවික්ෂර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ අධ්‍යක්ෂක ධුරයේ කටයුතු කිරීමට කැමැත්ත පළ කිරිම හේතුවෙන් ඔහු මෙලෙස සහය පුහුණුකාර ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ.

පොල් ෆාබ්‍රේස් එංගලන්ත කණ්ඩායමේ සහකාර පුහුණුකාර ධුරයට පත් වුණේ 2014 වසරේදීයි.

කෙසේ වෙතත් පොල් ෆාබ්‍රේස් එංගලන්ත කණ්ඩායමේ සහය පුහුණුකාර ධුරයට පත්වීමට පෙර කටයුතු කළේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙසයි.

2014 වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානය ජයග්‍රණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවේ පොල් ෆාබ්‍රේස් වීම විශේෂත්වයක්.