%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
Monday, 18 February 2019 - 18:26
වෙනස්කම් රැසක් සමඟින් ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි - අකිලගේ තහනම ඉවතට
30

Shares
3,691

Views
දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් තහවුරු කර තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් 10 වන දා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනමක් වහා ක්‍රියාත්මක වන පරිදි පනවනු ලැබුවේ එංගලන්තය සමඟ පැවති ටෙස්ට් තරගාවලියේදී විනිසුරුවන් කළ පැමිණිලි කිරීමකට අනුවයි.

ඒ අනුව ඔහුට ඉරියව්ව නිවැරදි කර ගැනීම සඳහා කාල විරාමයක් ලබාදී තිබුණා.

ඒ සඳහා අකිල චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර ක්‍රීඩා විද්‍යා ආයතනයේ පරීක්ෂණ ඇගයීමකට ද ලක් කරනු ලැබුවා.

ඉන් අනතුරුවයි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් ඔහුගේ ඉරියව්ව නිවැරදි බව තහවුරු කර ඇත්තේ.

මේ අනුව ඔහු එළඹෙන දකුණු අප්‍රිකා එක්දින තරඟ සංචාරයට කැඳවූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ.

දකුණු අප්‍රිකා එක්දින තරඟාවලිය සඳහා කණ්ඩායම නම් කළ අතර එහි නායකත්වය ලසිත් මාලිංගට ලබා දී ඇති අතර නවක ක්‍රීඩකයන් වන අවිශ්ක ප්‍රනාන්දු, ඔසඳ ප්‍රනාන්දු, ඇන්ජෙලෝ පෙරේරා, ප්‍රියමාල් පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

එක්දින සංචියට නම් කර ඇති අනෙක් ක්‍රීඩකයන් වන්නේ. උප නායක නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඉසුරු උදාන, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE