%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 20 February 2019 - 7:37
නවසීලන්තයෙන් බංග්ලාදේශයට දැවැන්ත අභියෝගයක්
8

Shares
1,000

Views
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්වන එක්දින තරඟය මේ වන විට නවසීලන්තයේ - ඩුනෙඞීන් හිදී ආරම්භ වී තිබෙනවා.

කාසියේ වාසිය දිනූ බංග්ගලාදේශ නායක මෂ්රාෆේ මුටාසා, පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 330ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී නවසීලන්තය වෙනුවෙන් හෙන්රි නික්ලොස් ලකුණු 64ක් ද රෝස ටේලර් ලකුණු 69ක් ද ලබා ගත්තා.

බංගලාදේශය වෙනුවෙන් මුශ්පිකර් රෙහමන් ලකුණු 93කට කඩුලු 2ක් බිඳ හෙලුවා.

ඒ අනුව ලකුණු 331 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට කඩුලු 2ක් දැවී එක ලකුණුක් ලබා සිටිනවා.rnrn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE