ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව අලුතින් ලියන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද හිමිවෙන අවස්ථාව මෙන්න

Saturday, 23 February 2019 - 13:12

%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
දකුණු අප්‍රිකාවේදී පූර්ණ ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයක් ලැබීමේ පළමු ආසියාතික කණ්ඩායම බවට පත්වීමේ අවස්ථාව අද තරඟය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වනවා.

පසුගිය වසරේ ආසියාතික කණ්ඩායම්වලින් දකුණු අප්‍රිකාවේ සංචාරය කළ ඉන්දියාවට හා පාකිස්තානයට ටෙස්ට් තරගාවලි ජයක් ලැබීමට හැකි වූයේ නැහැ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පෝට් එළිසබෙත් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අද (23) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වනවා.

ඊයේ තරඟය නතර කරන විට ජයග්‍රහණය සඳහා 197 ක ඉලක්කයක් කරා හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 60 ක් ලබා සිටියා.

දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 222 කට සීමා වූ අතර ඔවුන්ගේ දෙවැනි ඉනිම සීමා වුණේ ලකුණු 128 කටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා රැස් කලේ ලකුණු 154 ක් පමණයි. ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 137ක් ලබා ගත යුතුයි.