සහෝදරයින්ගේ සටනේ ජය තර්ස්ටන් කණ්ඩායමට

Saturday, 23 February 2019 - 20:58

%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7
දින දෙකක් පුරා කොළඹ ඉසිපතන විද්‍යාලය සමඟ 56 වන වරට පැවති සහෝදරයින්ගේ සටන මහා ක්‍රිකට් තරඟය කඩුළු 10 කින් ජය ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඊයේ සමත් වුණා.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉසිපතන ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 169 ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස තර්ස්ටන් ක්‍රීඩකයින් පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 276 ක්.

ඉසිපතන දෙවන ඉනිම ලකුණු 144 කට සීමා කරන්නට තර්ස්ටන් පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව තර්ස්ටන් විද්‍යාලයට මෙම තරඟයෙන් ජය ගැනීම සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 37 ක්.

කිසිවෙකු නොදැවී එම ඉලක්කය පසුකර යන්නට ඔවුන් සමත් වුණා.

තර්ස්ටන් විද්‍යාලය සහෝදරයින්ගේ සටන මහා ක්‍රිකට් තරඟයක් ජයගත්තේ වසර 20 කට පසුවයි.