%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+190%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 13 March 2019 - 19:41
හතරවන එක්දින තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට ලකුණු 190ක ඉලක්කයක්
3

Shares
466

Views
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන හතරවන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 190ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

පෝර්ට් එළිසබෙත්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 39යි පන්දු 2ක් අවසානයේ සියලූදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 189ක් පමණයි.

ඉසුරු උදාන වේගවත් ලකුණු 78ක් රැස් කළේ පන්දු 57කින්.

හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් එම ලකුණු 78ට ඇතුලත්.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 29යි.

ධනංජය ද සිල්වා ලකුණු 22 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 21 ක් ලබාගත්තා.

ඕෂධ ප්‍රනාන්දු සහ අද එක්දින වරම් ලැබු ප්‍රියමාල් පෙරේරා කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE