%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Friday, 15 March 2019 - 10:37
වෙඩි තැබීම් හේතුවෙන් තුන්වන ටෙස්ට් තරඟය අවලංගු කරයි
2

Shares
267

Views
හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්තය සහ බංගලාදේශය අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය අවලංගු කිරීමට තීරණය කළ බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර දේවස්ථානයක් අද සිදුවූ වෙඩි තැබීම් මාලාවක් හේතුවෙන්.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අද සිදුවූ වෙඩි තැබීම් එරට අඳුරුතම දිනයක් සලකුණු කරන බව අගමැතිනී යසින්ඩා ආර්ඩ්න් ප්‍රකාශ කළා.

වෙඩි තැබීම් සිදුවූ මුස්ලිම් දේවස්ථාන සියල්ල ආරක්ෂක අංශ විසින් වටලා ඇති අතර, එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඇය සඳහන් කළා.

නිළ නොවන වාර්තා සඳහන් කළේ තුවාල ලැබූ 40කට වැඩි සංඛ්‍යාවක් රෝහල් ගත කෙරුණු අතර, ජීවිත හානි රැසක් සිදුව ඇති බවයි.

මෙම ප්‍රහාරය සිදුවූ එක් දේවස්ථානයක සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නිරුපද්‍රිතව ඉන් ඉවත්ව යාමට සමත් වුණා.

මේ අතර ඝාතකයා විසින් අදාළ සිදුවීමෙන් අනතුරුව සජීවීව ෆේස්බුක් වෙත එක්කළ දර්ශන පෙළක් පහතින්




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE