තීරණාත්මක දෙවන 20-20 තරඟය අද

Friday, 22 March 2019 - 7:25

%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+20-20+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය සෙන්චූරියන් හිදී අද පැවැත්වෙනවා.

මෙම තරඟය සඳහා ෆෆ් ඩුප්ලෙසි, කගීසෝ රබාඩා, ඉම්රාන් තහීර් සහ කුයින්ටන් ඩි - කොක් යන දකුණු අප්‍රිකානු පිළේ ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම අද තරඟයට එක් නොවන අතර, දකුණු අප්‍රිකානු පිළ මෙහෙය වනු ලබන්නේ ජේ.පී. ඩුමිනි විසින්.

පළමු විස්සයි විස්ස තරඟයේ ලකුණු සම කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවත්, සුපිරි ඕවරයේදී දස්කම් දැක්වීමට නොහැකිවීම නිසා පරාජයට පත්වුණා.

මේ අතර අද තරඟයේදී කඩුලු 02ක් දවා ගතහොත් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට පන්දුවාර 20 වැඩිම කඩුලු ලාභීන් අතර සම තැන ගැනීමට අවස්ථාව උදාවෙනවා.

මේ වනවිට මාලිංග පන්දුවාර 20 කඩුලු 96ක් බිඳ දමා ඇති අතර කඩුලු 98ක් දවාගෙන ඇති පාකිස්ථාන හිටපු ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි පන්දුවාර 20 වැඩිම කඩුලු ලාභීන් අතර පළමු ස්ථානයේ පසුවනවා.

කෙසේ වෙතත් ලසිත් මාලිංග අද තරඟයේ කඩුලු 04ක් දවාගැනීමට සමත් වුව හොත් විස්සයි විස්ස කඩුලු 100ක් බිඳ හෙලූ පළමු පන්දු යවනනා බවට ඔහු ඉතිහාස ගතවනවා.