කෝටි 02ක් වැය කරමින් මිලදී ගත් මාලිංගගෙන් IPL ආරම්භයේදීම ප්‍රයෝජනයක් ගැනීමේ අවස්ථාව මුම්බායි පිළට ගිලිහෙයි

Saturday, 23 March 2019 - 10:09

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+02%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+IPL+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ පළමු තරඟ 06 අහිමි වන බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

මෙරට පැවැත්වෙන අන්තර් පළාත් එක්දින තරඟාවලිය හේතුවෙන් ඔහුට අයි.පී.එල්. තරඟාවලියේ පළමු තරඟ 06 මෙලෙස අහිමිව යන බවයි වාර්තා වන්නේ.

ලබන මැයි මසයේ අරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලිය සඳහා ක්‍රීඩකයන්  තෝරා ගැනීම අන්තර් පළාත් එක්දින තරඟාවලිය තුල සිදුකෙරෙනවා.

අන්තර් පළාත් එක්දින තරඟාවලියේදී ගාල්ල කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ මාලිංගයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර තරඟාවලියට එක්වන එකම ක්‍රීඩකයා  ලසිත් මාලිංග වන අතර ඔහු මෙවරත් අයි.පී.එල්. තරඟාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

ඔහු අයි.පී.එල් තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා ද වන අතර තරඟ 110කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 154ක්.

පසුගිය වසරේ අයි.පී.එල් තරඟාවලිය වෙනුවෙන් පැවති වෙන්දේසියේ දී කිසිදු කණ්ඩායමක් මාලිංගව මිලදී නොගැනීම හේතුවෙන් ඔහුට එම තරඟාවලිය අහිමිව ගියා.

කෙසේ වෙතත් එම තරඟාවලිය තුල මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකවරයකු ලෙස කටයුතු කරනු ලැබුවා.

මෙවර තරඟාවලිය වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 02ක් වැය කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මාලිංගව යළි තමන් සතු කරගත්තා.