මාලිංග නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දොස් මුරයක්

Monday, 25 March 2019 - 16:05

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග අද දිනයේ ඉන්දියාව බලා පිටත් වීමට නියමිතව තිබෙනවා.

ඒ මෙවර පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තම කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වීමේ අරමුණින්.

මාලිංග දකුණු අප්‍රිකාවේ සිට ඉන්දියාව බලා පැමිණෙනු ඇති බවයි ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වර්තා කරන්නේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කර තිබු අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලිය හේතුවෙන් මාලිංග හට IPL තරඟාවලියේ පළමු තරඟ 6 සඳහා සහභාගී වීමට නොහැකි තවත්වයක් උද්ගත වු අතර මෙම තරඟාවලියේ ගාල්ල කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කරන්නේ ලසිත් මාලිංගයි.

කෙසේ වෙතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටින්නේ IPL තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සිදුකරන අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුපිරි පළාත් තරඟාවලිය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොතිබූ බවයි.

මේ වන විට මතුව ඇති මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මමැදිහත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩිව විවේචනය කර ඇති බව මේ වන විට ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වඩා සාර්ථකම පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග හඳුන්වන අතර ඔහු IPL ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ද වනවා.