%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Monday, 22 April 2019 - 11:48
හදිසි තත්ත්වය හේතුවෙන් පාසල් රග්බි තරඟ කල් යයි
105

Views
අද පැවැත්වීමට නියමිතව තිබූ අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලියේ තරඟ කල් දැමීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය තීරණය කර තිබෙනවා.

රට තුළ පවතින හදිසි තත්ත්වය හේතුවෙන් මේ තීරණය ගත් බවයි, පාසල් රග්බි සම්මේලනය පවසන්නේ.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ ඉසිපතන විද්‍යාලය අතර තරඟයත්, වෙස්ලි විද්‍යාලය සහ මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ තරඟයත් අද (22) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණා.

තරඟ සංවිධායක කමිටුව හෙට (23) දිනයේ මුණ ගැසී කල් දැමූ තරඟ පැවැත්වෙන දිනයන් තීරණය කරන බවයි පාසල් රග්බි සම්මේලනය පවසන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE