%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%82+%E0%B6%92%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7
Monday, 22 April 2019 - 13:41
හිමාෂ ඒෂාන් අද අවසන් පූර්ව වටයට
7

Shares
866

Views
දෝහා කටාර් හි පැවැත්වෙන 23 වන ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ 2 වන දිනය වූ අද දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වන ශ්‍රී ලංකාවේ හිමාෂ ඒෂාන් මීටර 100 තරග ඉසව්වේ අවසන් පූර්ව තරගයට සහභාගිවීමට නියමිතයි.

මෙරට වේලාවෙන් රාත්‍රී 8.15 ට අවසන් පූර්ව තරගය පැවැත්වෙන අතර, අවසන් තරගය රාත්‍රී 10.50 ට පැවැත්වෙනු ඇති.

ඊයේ පැවති මීටර 100 ධාවන ඉසව්වේ පළමු වටයේදී තත්පර 10.46 ක් වාර්තා කරමින් පළමු ස්ථානය දිනාගැනීමට හිමාෂ ඒෂාන් සමත් වුණා.

ඔහු එහිදී තරගයට සහභාගි වුණේ සිය දකුණු අතේ බාහුවේ කළු පටියක් පැලදයි.

ඒ ඊයේ ශ්‍රි ලංකාවේ සිදු වූ පිපිරීම් මාලාවෙන් මියගිය පිරිස වෙනුවෙන් ශෝකය පළ කරමින්.

එමෙන්ම මීටර 800 තරග ඉසව්වේ පළමු වටයට ඊයේ සහභාගි වූ ගයන්තිකා අබේරත්න අද දිනයේ එම ඉසව්වේ අවසන් තරගයට එක්වීමට නියමිතයි.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE