%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
Wednesday, 24 April 2019 - 13:05
චෙන්නායි සුපර්කිංග්ස් ඉදිරියෙන්
4

Shares
504

Views
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවදුරටත් පෙරමුණ ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ ඊයේ පැවති තරගය කඩුලු 6 කින් ජයගනිමින්.

කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව සන්රයිසස් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව නියමිත පන්දු වාර විස්ස අවසානයේ සන්රයිසස් කණ්ඩායම කඩුළු 3 ක් දැවී ලකුණු 175 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසන් වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ කඩුලු 4 ක් පමණක් දැවී සිටියදීයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE