%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Wednesday, 15 May 2019 - 7:23
එංගලන්ත කණ්ඩායම පාකිස්ථාන කණ්ඩායමට දෙවන එක්දින තරඟයෙනුත් දැවැන්ත පරාජයක් උරුම කර දෙයි - විශේෂ අවස්ථා මෙන්න
14

Shares
1,691

Views
එංගලන්තය සහ පාකිස්ථානය අතර පැවැති 3න් වන එක්දින තරඟයෙන් එංගලන්තය ඊයේ (14) කඩුලු 6ක ජයක් ලබා ගැනීමට සමත්වුණා.

බ්‍රිස්ටෝල් හි පැවැති තරඟයේ පළමුව කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට පකිස්ථානයට ආරාධනය කළ අතර පන්දුවාර 50 අවසානයේදී ඔවුන් කඩුලු 9කට ලකුණු 358ක් රැස් කර ගත්තා.

එහිදී පාකිස්ථානය වෙනුවෙන් ඉම්සාම් උල් හක් පන්දු 131දී ලකුණු 151ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට හතරේ පහරවල් 16ක් සහ එක් හයේ පහරක් ඇතුලත් වුණා.

එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් පන්දුවාර 10 තුලදී ලකුණු 67කට කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වුණා.

ලකුණු 359ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 5කදී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ජොනි බෙස්ට්‍රෝ පන්දු 93කදී ලකුණු 128ක් ලබා ගත් අතර ජේසන් රෝයි ලකුණු 76ක් රැස් කිරීමට සමත් වුණා.

මේ අනුව තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ 2-0 ලෙස එංගලන්ත කණ්ඩායම ඉදිරියෙන් පසු වනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE