%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93+%E0%B6%91%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%A0%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7
Wednesday, 15 May 2019 - 7:50
නැගී එන කණ්ඩායමේ පුහුණුකරු තනතුර චමින්ද වාස්ට
2

Shares
279

Views
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඉදිරි දකුණු අප්‍රිකානු සංචාරය සඳහා මෙම පත් කිරීම සිදුකළ බවයි.

2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ටී - ටෙන් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී විනය පටිපාටි උල්ලංඝනය කළ බවට අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධනගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගත්තා.  

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE