%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 15 May 2019 - 13:18
පාකිස්ථානය ඉදිරියෙන් බව ඉන්දියානු හිටපු ක්‍රිකට් නායකගෙන් ප්‍රකාශයක්
3

Shares
376

Views
මේ මස අගදී ආරම්භ වන ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් පකිස්ථානයට පවතින බව ඉන්දියානු හිටපු ක්‍රිකට් නායක සව්රොව් ගංගුලි පවසනවා.

ඔහු ඊට හේතු ලෙස දක්වා ඇත්තේ එංගලන්ත තණතිලි තුල පාකිස්ථාන ක්‍රීඩකයින් වැඩි දක්ෂතා දැක්වීම හේතුවෙන්.

2009 ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලිය සහ 2017 ශූරයන්ගේ කුසලාන තරඟාවලිය එංගලන්තයේදී පැවති අතර එහි ශූරතාවය දිනා ගනු ලැබුවේ පාකිස්ථානයයි.

එමෙන්ම මේ දිනවල පාකිස්ථාන කණ්ඩායම එංගලන්ත සංචාරයක නිරත වන අතර එම තරඟවලදී ද ඔවුන් ලකුණු 300යේ මට්ටමට පැමිණීමද ගංගුලි සිය ප්‍රකාශය තහවුරු කිරීමට හේතු ලෙස දක්වා තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE