ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත පළමු තරඟය අද

Saturday, 18 May 2019 - 6:58

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙස ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන තරඟ දෙකකින් යුත් එක්දින තරගාවලියේ පළමුවැන්න එඩින්බරෝ හිදී අද (18) පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව මෙම තරඟයට පිවිසෙන්නේ පිට පිට එක්දින ජාත්‍යන්තර තරඟ 08කින් පරාජය ලැබීමෙන් අනතුරුවයි.

එමෙන්ම, දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු එක්දින කණ්ඩායම සහභාගි වන පළමු තරඟය ද මෙය වනවා.

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර 2011 වසරේ පැවති එක්දින තරඟයෙන් ශ්‍රී ලංකා පිළ ලකුණු 183ක ජයග්‍රහණයක් වාර්තා කළ අතර එහිදී දිමුත් කරුණාරත්න සහ මහේල ජයවර්ධන අර්ධ ශතක රැස් කළා.

දෙරට අතර 2015 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවති අනෙක් එකම එක්දින ජාත්‍යන්තර තරඟය ද ලකුණු 148කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිළ  සමත් වුණා.