%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
Saturday, 18 May 2019 - 9:24
සිව්වන එක්දින තරඟයේ ජයත් එංගලන්තයට
1

Shares
142

Views
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර නොටින්හැම් හි පැවති සිව්වන එක්දින තරඟය ජය ගන්නට එංගලන්ත ඊයේ සමත් වුණා.

එංගලන්තය මෙම තරඟය ජය ගත්තේ කඩුලු 03කින්.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 07කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 340ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 03කදී එම ඉලක්කය පසුකර ගියා.

එහිදී එංගලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු ජේසන් රෝයි ලකුණු 114ක් රැස් කිරීමට සමත් වුණා.

එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය බෙන් ස්ටොක් පන්දු 64කදී නොදැවී රැස්කළ  ලකුණු සංඛ්‍යාව 71ක්.

මෙම ජයත් සමඟ තරඟ 05 කින් යුත් තරඟාවලිය තරඟ තුනට බින්දුවක් ලෙස එංගලන්ත මේ වනවිටත් ජය හිමිකරගෙන අවසන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE