%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+19+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A
Sunday, 19 May 2019 - 13:16
පාකිස්ථාන 19 න් පහළ ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවේ සංචාරයක
94

Views
පාකිස්ථාන වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් පිල මැයි 26 වනදා සිට ජූනි 5 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ නිවේදනය කළා.

එහිදී ඔවුන් සිව්දින තරග දෙකකට සහ එක්දින තරග 3 කට සහභාගිවීමට නියමිතයි.

මෙම සංචාරය පසුගිය අප්‍රේල් 27 වනදා ආරම්භවීමට නියමිතව තිබුණද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා කල් දමනු ලැබුවා.

නව තරග සටහනකට අනුව සංචාරය ක්‍රියාත්මක වන බවයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

සංචාරය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව යොදා ඇති ආරක්ෂක විධිවිධාන පිළිබඳව තෘප්තිමත් විය හැකි බවයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජාත්‍යන්තර ක්‍රිකට් අධ්‍යක්ෂ සකීර් ඛාන් ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE