ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පිල් හිමන්ස්ට ක්‍රිකට් එපා කරයි

Tuesday, 21 May 2019 - 9:22

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් පසු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන පිල් සිමන්ස් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඔහු මේ වන විටත් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පිල් හිමන්ස් සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය අතර අත්සන් කර ඇති ගිවිසුමට අනුව ලෝක කුසලාන එක්දින තරඟාවලියෙන් පසු ප්‍රධාන පුහුණුකාර ධුරයේ වගකීම් වලින් ඔහු නිදහස් වීමට නියමිතයි.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලෝක කුසලාන එක්දින තරඟාවලියේ දක්වන දක්ෂතා මත පිල් හිමන්ස්ගේ ගිවිසුම් කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරන්නේ.

ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ඇතිවූ මතභේදයක් හේතුවෙන් පිල් හිමන්ස් මෙම තීරණය ගැනීමට හේතුව වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2017 වසරේ අගභාගයේ පිල් හිමන්ස් ඇෆ්ගනිස්ථානය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.

එහිදී ඔහු ධුරයේ වැඩ භාරගනිමින් කියා සිටියේ තමන්ට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලිය සඳහා හොදින් සුදානම් කිරීමට හැකි බවයි.