%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
Tuesday, 21 May 2019 - 14:09
ගුවන් යානයේ කලහකාරි වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ගුවන් යානයෙන් ඉවතට
5

Shares
678

Views
ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ විස්තර විචාරක මයිකල් ස්ලේටර් ගුවන් යානයක් තුළ කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් ඉන් ඉවත් කිරීමට ගුවන් සේවා බලධාරින් කටයුතු කර තිබෙනවා.

සිඩ්නි සිට නිව් සවුත් වේල්ස් බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක් තුළ ඔහු මෙලෙස කලහකාරි ලෙස හැසිරී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ආසන ගැටලුවක් මුල් කර ගනිමින් කාන්තාවන් දෙදෙනෙකු සමඟ මයිකල් ස්ලේටර් බහින් බස් වී ඇති බවට මාධ්‍ය වාර්තා පළවුව ද ඔහු එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ තම මිතුරන් දෙදෙනෙකු සමඟ එම බහින් බස්වීම සිදුවූ බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය නිසා ගුවන් යානයේ සිටි සෙසු මගීන්ට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් ස්ලේටර් පසුව සමාව ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE