%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Tuesday, 21 May 2019 - 14:55
ලෝක කුසලානයට එක්වන එංගලන්ත සංචිතය නම් කරයි
4

Shares
562

Views
මෙවර එක්දින ලෝක කුසලානය දිනා ගනු ඇතැයි බොහෝ දෙනෙක් මත පළකර ඇති එංගලන්ත කණ්ඩායමේ ලෝක කුසලානයට එක්වන සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ ඔයින් මෝගන්ටයි.

නිමාවූ ඉන්දීය ප්‍රිමියලීග් තරඟාවලියේ සහ පාකිස්ථානය සමඟ නිමාවූ එක්දින තරඟාවලියේදී දැක්වූ සුවිශේෂී දක්ෂතා මත නවක තුන් ඉරියව් ක්‍රීඩක ජොෆ්රා ආචර් මෙම සංචිතයට එක්කර තිබෙනවා.

මේ අතර තුන් ඉරියව් ක්‍රීඩක ලියම් ඩේව්සන්ටද මෙම සංචිතයේ දොරටු විවර වී තිබීම විශේෂත්වයක්.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත සංචිතය පහතින්.

ඔයින් මෝගන් (නායක), ජේසන් රෝයි, ජොනී බෙස්ටව්,ජෝ රූට්, ජේම්ස් වින්ස්, ජෝෂ් බට්ලර්, බෙන් ස්ටොක්, මොයින් අලී, අඩිල් රෂිඩ්, ක්‍රිස් වෝක්ස්, ලියම් ප්ලන්කට්, ලියම් ඩේව්සන්, ජොෆ්රා ආචර්, මාර්ක් වුඩ්




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE