පාකිස්තාන යොවුන් පිළ දිවයිනට

Friday, 24 May 2019 - 8:12

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
වයස අවුරුදු 19න් පහළ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළා.

ඔවුන් ලබන ඉරිදා හම්බන්තොට දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමඟ පළමු එක්දින තරඟයට සහභාගි වනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් පාකිස්තාන යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සති කිහිපයකින් පමා වුණා.

මේ අතර, අයි.සී.සී. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා පිළ අද සිය පළමු පෙරහුරු තරඟයට සහභාගි වනවා.

දකුණු අප්‍රිකාව සමඟ එම තරඟය පැවැත්වෙන්නේ ස්කොට්ලන්තයේ කාඩිෆ් හිදියි.