අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලියට අදාළව ශ්රී ලංකාව මුහුණ දුන් පළමු පෙරහුරු තරඟයෙන් දකුණු අප්රිකානු පිළ ලකුණු 87ක ජයක් වාර්තා කළා.
ස්කොට්ලන්තයේ කාඩිෆ් හිදී ඊයේ පැවති එම තරඟයේදී කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස දකුණු අප්රිකානු පිළට ආරාධනා කළා.
දකුණු අප්රිකාව සිය පන්දු වාර 50 තුළ දී කඩුලූ 7ක් දැවී ලකුණු 338ක් රැස් කළ අතර, නායක ඩුප්ලෙසි ලකුණු 88ක් ලබා ගැනීමට සමත් වුණා.
හෂීම් අම්ලා ලකුණු 65යි. සුරංග ලක්මාල් සහ නුවන් ප්රදීප් කඩුලූ 2 බැගින් බිද හෙලූවා. පිළිතුරු වශයෙන් ශ්රී ලංකා පිළට පන්දු වාර 42යි පන්දු 3කදී සියළු ක්රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 251ක් පමණයි.
එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 87ක් රැස් කළ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64ක් ලබා ගත්තා.
ඊයේ පැවති තවත් පෙරහුරු තරඟයකදී පාකිස්තානය පරදවා කඩුලූ 3ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.
පාකිස්තානය පන්දු වාර 47යි පන්දු 5කදී සියළු ක්රීඩකයන් දැවී ලකුණු 262ක් රැස් කළ අතර, ඇෆ්ගනිස්ථානය පන්දු වාර 49යි පන්දු 4කදී කඩුලූ 7ක් දැවී ලකුණු 263ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්තා.