%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Saturday, 25 May 2019 - 12:49
අවිශ්ක ප්‍රනාන්දු ආබාධයකට ලක්වෙයි
1

Shares
226

Views
දකුණු අප්‍රිකාව සමඟ කාඩිෆ්හිදී ඊයේ පැවති ලෝක කුසලාන පෙරහුරු තරඟයේදී ශ්‍රී ලංකා පිළේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු කායික ආබාධයකට ලක්වී පිටියෙන් ඉවත් කිරීමට සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකා පිළ පන්දු රකිමින් සිටින අවස්ථාවේ දකුණු අප්‍රිකානු නායක ඩුප්ලෙසි එල්ල කළ පහරක් පාදයේ ගැටී ඔහු මෙම ආබාධයකට ලක්වුණා.

කෙසේ නමුත්, අවිශ්ක ප්‍රනාන්දු ආබාධයකට ලක්වීම ශ්‍රී ලංකා පිළට අවාසිසහගත තත්ත්වයක් බවයි එංගලන්තයෙන් වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව ලබන සඳුදා දෙවන පෙරහුරු තරඟයට සහභාගි වනවා.

ශ්‍රී ලංකා පිළේ පළමු ලෝක කුසලාන තරඟය ජුනි 5 වන දා නවසීලන්තය සමඟ කාඩිෆ් හිදී පැවැත්වීමට නියමිතයි.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE