%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
Sunday, 26 May 2019 - 8:12
පෙර පුහුණු තරගවලින් ඉන්දියාව සහ එංගලන්තය පරදී
1

Shares
181

Views
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ඊයේ පැවති පුහුණු තරගයකින් ඉන්දියාව පරදා කඩුලූ 6 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දු වාර 39 යි පන්දු 2 කදී සියලූදෙනා දැවී ලබාගත්තේ ලකුණු 179 ක් පමණයි.

නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 37 යි පන්දු 1 කදී කඩුලූ 4 ක් දැවී තරගය ජයග්‍රහණය කළා.

මේ අතර  ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති පුහුණු තරගය ලකුණු 12 කින් ජයගත්තේ  ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන්  ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 297 ක් රැස් කළා.

එංගලන්ත කණ්ඩායමට පන්දු වාර 49 යි පන්දු 3 කදී සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 285 ක් පමණයි.

ඊයේ පරාජයන් ලැබූ එංගලන්තය සහ ඉන්දියාව මෙවර අයි.සී.සී. ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට වැඩිම අවස්ථා සහිත කණ්ඩායම් දෙක ලෙස නම් කර තිබීම විශේෂත්වයක්.

මේ අතර බංග්ලාදේශය සහ පාකිස්ථානය මෙන්ම දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පුහුණු තරග දෙකක් අද පැවැත්වෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE