%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%3F
Tuesday, 11 June 2019 - 13:31
ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරඟයට වර්ෂාව බාධා වෙයි ද?
101

Views
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අයි.සී.සී. ලෝක කුසලාන තරඟය බ්‍රිස්ටල් හිදී අද පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙකම අද තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීමේ අවදානම පිළිබදව අවධානයෙන් පසුවන බවයි බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කළේ.

එරට කාලගුණ අංශ කියා සිටියේ තරඟය පැවැත්වෙන බ්‍රිස්ටල් ප්‍රදේශයට අද වැසි සහිත කාලගුණයක් පවතින අතර කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේදී මෙන්ම පස්වරු 2ට පමණ වැසි ඇද හැලීමේ සියයට 50ක අවස්ථාවක් පවතින බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE